පැරණි සංනිවේදන උරුමය
පැරණි සන්නිවේදන ක්‍රමයක් ලෙස සෙල්ලිපි හැදින්විය හැකිය.ශ්‍රි ලංකාවේ අතීත තොරතුරු පිළිබිඹු කරන සෙල්ලිපි වලින් ඉගෙනගන්න දේවල් රැසක් තිබේ .අපේ සෙල්ලිපි පිළිබඳ පැරණිම සඳහන දකින්නට ලැබෙන්නේ රොබට් නොක්ස්ගේ ලියවිලිවල සඳහන් ගඩොලාදෙණි විහාරයේ ගිරි ලිපියයි.බ්රාහ්මීය අක්ෂර වලින් ලියවුණු ශිලාලේඛන කියවීමට මුලින්ම උත්සාහ කර තිබෙන්නේ ඒ.සී. බ්‍රෝඩ් ඒ 1855දී පමණ. පසුව වර්ෂ 1882 දී ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ් දඹුල්ලේ ලෙන් ලිපි පිළිබඳව ලියූ ලිපියක් ඉන්දියන් ඇන්ටික්වරී සඟරාවෙන් හමුවේ.හෙන්රි පාකර් ක්‍රි.පූ. යුගවලට අයත් සෙල් ලිපි පරිවර්තනය කර ඇත. ශ්‍රි ලංකාවේ ශිලා ලේඛණ පර්යේෂණ කටයුතු ආරම්භ වෙන්නේ වර්ෂ 1890ජූනි මස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසුවයි.ශ්‍රි ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයාවූ එච්.සී.පී බෙල් මහතා වර්ෂ1893 ප්‍රකාශයට පත් කළ කෑගලු වාර්තාවේ සඳහන් ආකාරයට කෑගලු ප්‍රදේශයේ සෙල්ලිපි රාශියක් කියවූ බවට සඳහන් වේ.ඉන්පසු මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා අති විශාල සෙල්ලිපි ප්‍රමාණයක් කියවපු නිසා අපිට ඉතිහාස ගත කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවුනා.සෙල්ලිපි යනු අපේ උරුමයන් ය.
Wadagath
ReplyDelete😁
ReplyDeleteNiyamai.thnks
ReplyDeleteela
ReplyDeleteft
ReplyDelete