Sunday, January 26, 2020

සුපිරි වෙළද සමාගම්වල දැන්වීම් නරඹා සතිපතා මුදල් උපයන්න

*සාර්ථක ලෙස අන්තර්ජාලයෙන් මුදල් උපයන්න  මෙන්න ලංකාවේ 100% විශ්වාසවන්ත වෙබ් අඩවියක් (Adclick.lk)

*ලංකාවේ සුපිරි පෙළේ සමාගම් කිහිපයක් adclick.lk සමඟ එක්වී, (මැලිබන් බිස්කට්,බාටා පාවහන් ආදී සමාගම් 200කට ආසන්න)එම සමාගම්වල වෙළද දැන්වීම් adclick වෙත ලබා දී ඔවුන්ගේ සමාගම් විසින් විශාල මුදලක් adclick වෙත ලබා දෙනවා.එම මුදලින් 60%කට වඩා මුදලක් ඔබ හට ලබා දෙනවා.

*මේ සඳහා ඔබට කරන්න තියෙන්නෙ මෙහි ලියාපදිංචි වී දැන්වීම් නැරඹීමයි.
මේ සඳහා ඔබ විසින් දැන්වීම් පැකේජ් එකක් මිලදී  ගෙන දැන්වීම් නැරඹීමයි   මේ සඳහා ඔබට සතිපතා මුදල් ලැබේ. පැකේජ් කිහිපයක් හදුන්වනවා දී තිබේ.ඒවා පහත දැක්වේ.

01) රු 4,000
       සතියකට දැන්වීම්  50යි.
       සතියකට ආදායම රු 207යි
       වලංගුව කාලය සති 52යි
       සම්පූර්ණ ආදායම රු10,799යි

02) රු 8,000
      සතියකට දැන්වීම් 75යි.
      සතියකට ආදායම 341යි
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 17,749යි

03) රු 16,000
      සතියකට දැන්වීම් 100යි.
      සතියකට ආදායම රු 639
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 33,250යි

04) රු 32,000
      සතියකට දැන්වීම් 125යි.
      සතියකට ආදායම රු 1264
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 65,750යි

05) රු 60,000
      සතියකට දැන්වීම් 150යි.
      සතියකට ආදායම රු 2,110
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 109750යි

06)රු 140,000
      සතියකට දැන්වීම් 150යි.
      සතියකට ආදායම රු 4,971
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 258,499 යි

07)රු 360,000
      සතියකට දැන්වීම් 200යි.
      සතියකට ආදායම රු 12,875
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 669,499යි

08)රු 570,000
      සතියකට දැන්වීම් 100යි.
      සතියකට ආදායම රු 20088
      වලංගුව කාලය සති 52යි
      සම්පූර්ණ ආදායම රු 1044,600යි.

 මෙම පැකේජ් එකක් හො කිහිපයක් මිලදී  ගත හැකි අතර ඔබට සුලු ආයෝජකයක් සිදුකර විශාල ආදායමකට යා හැකිය.මෙහි මුදල් නිසි ආකාරයට ඔබට ලැබෙනු ඇත.මෙය රජයේ ලියාපදිංචි ආයතයකි.
http://www.adclick.fyi/eCeD
ඉහත link එකෙන් ගොස් ලියාපදිංචි විය හැක

01) full name (සම්පූර්ණ නම දෙන්න)

02)mobile (මෙහි වැඩ කරන මොබයිල් ෆෝන් නම්බරයක් දෙන්න +94 නැතුව දෙන්න. තීරුවේ ඊ තලයක් ඇති පහලට එක ඔබලා බලන්න ලංකා කොඩියේ සලකුන වැටිලද බලන්න එහෙම නැත්තම් ඔබල ඒක දා ගන්න එහෙමත් වැටුනෙ නැත්නම් ඔයාගේ google chrome browser එකේ update එකක් වැටිලා ඇති ඒක update කරලා අයේ බලන්න එතකොට හරි)

03) Inc number (ඔයාගේ id number එක දෙන්න.

04) date of birth (ඔයාගේ උපන් දිනේ)

05)male/female (පුරුෂ/ස්ත්‍රී)

06)password (අංක 8ක රහස් අංකයක්)

07)repeat password (උඩ ගහපු රහස් අංකය අයෙමත් ගහන්න)

08)country (රට දෙන්න )

09)city (නගර දෙන්න)

10)Referral User ID (Optional)-(මේ අංකය දෙන්න 1000019358 ඔයාටත් ලියාපදිංචි උනාම මෙහෙම අංකයක් හම්බෙනවා ඒකෙන් මේ වගේ ඔයාගේ යාලුවො ලියාපදිංචි කරන්න පුලුවන් එතකොට ඔයාට කම්පැනියෙන් පොඩි කොමිස් එකක් හම්බෙනවා)

11)පොඩි කොටුවක් ඇති ඒකට හරි ලකුන දාන්න

12) ඊට පස්සේ පහලට ගිහින් sing up දෙන්න.දුන්නට පස්සේ ඔයාගේ ෆෝන් නම්බරේට විනාඩි 10ක් ඇතුලත කෝඩ් එකක් එනවා ඒක දෙන්න හරියට ඉටපස්සේ රෙජිස්ටර් වෙන්න.

ගැටළුවක් ඇත්නම් පහලින් comment කරන්න

රෙජිස්ටර් උනාට පස්සේ ෆෝන් නම්බරයයි password එකයි දීලා ලොග් වෙන්න එතකොට විස්තර තියෙනවා.එතනට ගියාට පස්සේ පහලටම ගියාම සිංහල/English කියල දෙකක් ඇති ඒකේ සිංහලයට දා ගන්න එතකොට සිංහලෙන් බලාගන්න පුලුවන්.

*පැකේජ් ගන්නා ආකාරය -
 ලොග් වෙලා ගියාම සැලසුම් කියලා තියෙනවා ඒකට ගියාම සැලසුම් සොයා බලන එක තියෙනවා එකේ පැකේජ් විස්තර තියෙනවා.

කැමති පැකේජ් එකක් තෝරලා මිලදී ගන්න කියන තැනට යන්න ඊට පස්සේ
විස්තර තියෙනවා.ඔයාට ඕනිනම් ඔන්ලයින් පුලුවන්  නැත්තම් දීලා තියෙන බැංකු නම්බරේට සල්ලි දාලා රිසිට් එක අරගෙන ඒකෙ කෙලවරේ ref කියලා දාලා ඔයාගේ ref නම්බරේ හා නම ලියලා  info@adclick.lk මේකට ඊ මේල් කරන්න ඔයාගේ ref නම්බර් එක තමයි උඩ දකුනු පැත්තේ ඔයාගේ නමත් එක්ක තියෙන අංකය .යවලා පැය 2ක් ඇතුලත ඔයාට ඇඩ් ටික හම්බෙනවා.

මේක අනිවාර්යයෙන් ශුවර් සයිට් එකක් ලංකාවේ දෙහිවල තියෙන්නේ රජයේ ලියාපදිංචි ආයතනයක් ඔයාලත් පුංචි ආයෝජනයක් කරලා විශාල මුදලක් ලබාගන්න adclick.lk සමඟ එක්වන්න.ජයග්‍රහී අනාගතයක් වේවා ඔබට ස්තූතියි.

Wednesday, September 4, 2019

කෙටිකතාව

තනිපන්ගලම කෙටිකතාව

පාසැල් වාර විභාගය අවසන් වී අද අවුරුදු නිවාඩු දෙන දවසයි.කියාගන්න බැරි සතුටකින් මා හා අක්කා ගෙදර යෑමට පිටත් විය.අක්කා දොළහ වසරේ මම අට වසරේ අක්කා එක්ක තමයි මම හැමදාම ඉස්කොලේ යන්නෙ එන්නේ

ඉතිං අපි දෙන්න පයින් යන්නේ පාර දෙපැත්තේ තියෙන අඹ පේර කකාය.

"අනේ මල්ලී අර අඹ ගහේ අඹ පැහිලා"

"අක්කේ මං නගින්නද "

"පිස්සුද මෝඩයෝ ලීයකින් කඩමු"

අක්කා යි මායි ඉක්මනින් ගෙදර යන්නේ පුදුමාකාර බඩගින්නේ ඒ බඩගින්නට එක එක ඇට බැට කනවා

අද ගෙදර වෙනදටත් වඩා වෙනසක් අම්මා එහෙම අවුරුදු කැවිලි හදනවා මට ඉතිං රජ මගුල් වගේ තමයි.

"අම්මේ අපි අවෝ..."

"අනේ මයේ රං කද..."කියමින් අම්මා මාව ළගට ගනී

"දුවේ මල්ලිත් එක්ක මූන කට සෝදගෙන බත් කාපන් මට වැඩ අද මෙතනින් රෑ වෙනකන්වත් හෙල්ලෙනවා බොරු"

"හා අම්මේ "

බත් එහෙම කාල හවස් වෙලා අම්මයි මයි අක්කයි යනවා ඇළට නාන්න හැමදාම ඇළේ සෙල්ලම් කරනවා තරම් මට සතුටක් තවත් නෑ

"දුවේ මල්ලිත් එක්ක ඇළට ගිහින් නාලා     වරෙන් මට අද උඹලත් එක්ක යන්න එන්න වෙන්නෙ නෑ මේ කැවුම් ටික උයා ගන්න ඕනී"

"හා අම්මේ...මල්ලී ඉක්මන්ට ඇදුම් එහෙම ගන්න පාඩම් කරන්න තියෙනවා ඉක්මනට නාලා එන්න ඕනී"

"උඹලා දෙන්නා කැවුම් එහෙම කනවා නෙවෙයි හවස් යාමේ ඕවා කාලා නාන තැන්වල ඉන්න හොද නෑ"

මගේ පෙරේතකම නිසා අම්මා  කිව්ව දේ නෑහුනාවගේ අක්කටයි මටයි කැවුම් හොරෙන් කලිසම් සාක්කුවේ දාගේන අපි දෙන්නා කකා නාන්න ගියා.

" මල්ලී අම්මට එහෙම කියනවා නෙවෙයි කැවුම් කෑවා කියලා අපි දෙන්නට ගුටිත් කන්නවෙයි මමනම් කියනවා මල්ලි තමයි මටත් දුන්නේ කියලා"

"කියන් නෑ මං..."

"අක්කේ එගොඩ ගහේ පේර හුගාක් ඉදිලා තියෙනවා කඩන් එන්නද"

"ඉක්මනට එනවා මල්ලි හරිද මට මෙතන තනියම ඉන්න බයයිත් එක්ක"

අක්කා නානකං මං දුවගෙන ගිහිං පේර කඩන් කාලා අක්කටත් සාක්කුවේ දාගෙන ටික වෙලාවකට පස්සේ ආවා.

"අක්කේ පේර හුගක් තිබුනා"

අක්කා මං එනකොටත් නාලා ඉවරයි මත් ඉක්මනට නාලා අපි දෙන්න ගෙදර අවා. ගෙදර එනකංවත් අක්කා මා එක්ක කතාවත් කරේ නෑ. අක්කා ගෙට ගිහිං කාමරේ බිම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන හිටියා මට හරිම පුදුමයක් අම්මා කතා කරත් අක්කා වචනයක්වත් කතා නෑ අම්මයි මායි හොදටම බය උනා.ටික වෙලාවකින් තාත්තා ආවා.තාත්තාට මේ විස්තරේ අම්ම කිව්වා.

"දූ නාලා ආවා විතරයි කතාවක් නෑ ඔහෝම්මම කාමරේට උනා"

"මම කට කැඩෙනකම් කියලා තියෙනවනේ හවස් යාමෙ තනියම කොහෙවත් යවන්න එපා කියලා"

"පුතත් එක්ක යැව්වේ.ඉක්මන්ට ගුරුමුත්තා හරි එක්කගෙන ආවනම් නරකද"

තාත්තා ගුරුමුත්තා එක්ක එන්න ගියා ගුරුමුත්තා කියන්නේ ගමේ මතුරන මුත්තට.ගුරුමුත්තා හනික ඇවිත් අක්කා පරික්ශා කරල බැලුවා

"මේකිට අමනුෂ්‍ය දෝසයක් තනිපන්ගලමෙ මේකි ඉදලා තියෙනවා මේකට දෙහිවත් මතුරලා බලමු "

ගුරුමුත්තා අම්මාට යි තාත්තාටයි කියනවා මං අහගෙන මට බයක් දැනෙනවා.පසුව දෙහි කැපුවා මතුර මතුර මම ඒ දෙස බියෙන් බලා සිටියෙමි.දෙහි කැපුවත් අක්කට කිසිම ගුනයක් නෑ නැවත ගුරුමුත්තා පසුවදා අවා ගුරුමුත්තා මෙසේ කීවේය.

"මේකිට එසේ මෙසේ දාසයක් නෙවෙයි තියෙන්නේ කලු කුමාර දිෂ්ටිය මේකටනම් සන්නියක්වත් නටන්න වෙයි"

පසුව ගුරුමුත්තා තව ගුරුන්නාන්සේලා කිහිපදෙනෙක් එක්ක දහ අට සන්නිය නටන්න සූදානම් කරා එය නටන වෙලාවේ මම බයෙන් බලාගෙන හිටියා. යක්කු දහ අට දෙනෙක් නැටුවා මන්තර කුව්වා පිදේනි දුන්න අවසානේ ඉවර උනාට පස්සේ අක්කට හොදයි.

"දැන් දූට කොහොමද ඇගපත එහෙම රිදෙනවාද"

"ටිකක්වගේ මට හරිම තෙහෙට්ටුයි"

"දුව දැන් කිසිම දේකට බය වෙන්න එපා මළ යක්කු ඔක්කොම ඉවරයි දැන්"

මෙසේ ගුරුමුත්තා අක්කට කියනවා මන් අහගෙන ගුරුමුත්තා අම්මට කිව්වා අයේ තනිපන්ගලමේ කොහෙවත් යවන්න එපා කියලා.මට දැං හොදට තේරෙනවා එදා අක්කාව තනියම දාල ගිය නිසා තමයි මේ හැම දෙයක්ම උනේ අයෙනම් කවදාවත් තනියම හවස්වෙලා පුලුටු දේවල් කාලා කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා.ඉතිං මේ සැරේ අවුරුදුත් හරියට නෑ අපිට.









Sunday, July 28, 2019

පැරණි සංනිවේදන උරුමය


  පැරණි සංනිවේදන උරුමය

පැරණි සන්නිවේදන ක්‍රමයක් ලෙස සෙල්ලිපි හැදින්විය හැකිය.ශ්‍රි ලංකාවේ අතීත තොරතුරු පිළිබිඹු කරන සෙල්ලිපි වලින් ඉගෙනගන්න දේවල් රැසක් තිබේ .අපේ සෙල්ලිපි  පිළිබඳ පැරණිම සඳහන දකින්නට ලැබෙන්නේ රොබට් නොක්ස්ගේ ලියවිලිවල සඳහන් ගඩොලාදෙණි විහාරයේ ගිරි ලිපියයි.බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියවුණු ශිලාලේඛන කියවීමට මුලින්ම උත්සාහ කර තිබෙන්නේ ඒ.සී. බ්‍රෝඩ් ඒ 1855දී පමණ. පසුව වර්ෂ 1882 දී ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ් දඹුල්ලේ ලෙන් ලිපි පිළිබඳව ලියූ ලිපියක් ඉන්දියන් ඇන්ටික්වරී සඟරාවෙන් හමුවේ.හෙන්රි පාකර් ක්‍රි.පූ. යුගවලට අයත් සෙල් ලිපි  පරිවර්තනය කර ඇත. ශ්‍රි ලංකාවේ ශිලා ලේඛණ පර්යේෂණ කටයුතු ආරම්භ වෙන්නේ වර්ෂ 1890ජූනි මස  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසුවයි.ශ්‍රි ලංකාවේ  ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයාවූ එච්.සී.පී බෙල් මහතා වර්ෂ1893 ප්‍රකාශයට පත් කළ කෑගලු වාර්තාවේ සඳහන් ආකාරයට  කෑගලු ප්‍රදේශයේ සෙල්ලිපි රාශියක් කියවූ බවට සඳහන් වේ.ඉන්පසු මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා අති විශාල සෙල්ලිපි ප්‍රමාණයක් කියවපු නිසා  අපිට ඉතිහාස ගත කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවුනා.සෙල්ලිපි යනු අපේ උරුමයන්‍ ය.

Saturday, July 27, 2019

ගල් ඔය

ගල් ඔය ජාතික වනෝද්‍යානය

   ගල් ඔය ජාතික වනෝද්‍යානය 1954 පෙබරවාරි 12 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.මෙය හෙක්ටයාර 25900ක ප්‍රමාණයක් විසිරී පවතී.
  නැගෙනහිර වියලි කලාපයේ අම්පාර ,මොණරාගල දිස්ත්‍රික්කයන්හි දෙකෙහිම ව්‍යාප්තව පවතී.
  සේනානායක සමූද්‍රයේ අඹය භූමියේ දී ජලය ගෙනයන ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරන්නේ ගල් ඔය ජාතික වනෝද්‍යානයෙන්‍ ය.
  මෙම වනාන්තරයට වර්ශයේ වර්ශාපතන සාර්ථක ව ලැබේ.ලැබෙන වාර්ශික වර්ශාපතනය මිලි මීටර 1700ක් පමණ වේ.
  මෙම වනාන්තරයට ප්‍රවේශවන මාර්ග  කොලඹ,නුවර,මහියංගණය,අම්පාර,ඉගිනියාගල හරහාද,කොලඹ පැල්මඩුල්ල ,නාමල් ඔය වැල්ලවාය,මොනරාගල,සියඹලාණ්ඩුව ,අම්පාර ඉගිනියාගල හරහද ප්‍රවේශ විය හැකිය.

Friday, July 26, 2019

විල්පත්තුව

  විල්පත්තුව ජාතික වනෝද්‍යානය

ලංකාවේ මුලිම්ම ප්‍රකාශයට පත් කරන්න ලද වනෝද්‍යානය  ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි.1905  වර්ශයේදී ප්‍රකාශයට පත්කර ඇත.

  පුත්තලම ,අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි දෙකෙහි ම මෙම වනෝද්‍යානය ව්‍යාප්තව පවතී.

  විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 131667.1 පමණ ව්‍යාප්තව පවතී.උද්‍යානය තුල විල්ලු රැසක් පිහිටා තිබීම හේතුවෙන් මෙයට විල්පත්තුව ලෙස නම ලැබී ඇත.

  මෙම වනෝද්‍යානය විදේශිකයන්ගේ අවධානයට ලක්වෙන වනෝද්‍යානයක් ලෙස හැදින්විය හැකිය.මෙහි ශාක සම්පත් මෙන්ම සත්ත්ව සම්පත් විශාල වශයෙන් ඇත.

  වර්තමානය වනවිට මෙම වනෝද්‍යානය විනාශ කිරීමක් දැකගත හැකිය.කුමන හෝ ක්‍රියාවකට උවද මෙම වනෝද්‍යානය විනාශ කිරීමට නොදී අප උරුමයක් සේ එය රැක ගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

Sunday, July 21, 2019

යාල ජාතික උද්‍යාන



ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානය ලෙස යාල ජාතික උද්‍යානය හැඳින්වේ. එය කොළඹින් කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා තිබේ. මෙහි පිහිටීම ගත් විට ඌව සහ දකුණු පළාත් දෙකට අයත් වේ. ශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති මෙය රටේ ඇති ප‍්‍රධානතම ජාතික වනෝද්‍යානයකි. රක්‍ෂිතයේ වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද සංචාරකයින් වෙත විවෘත කර ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයක් පමණි. යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් යුත් රක්ෂිතයක් ලෙස සැලකේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ  රක්ෂිතයෙන් වැඩි කොටසක් පතත් බිම් වශයෙන් පවතින නමුත් එය වනභූමි වෙරල ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයක් වීමයි. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති. පක්ෂීන් ලෙස සැලකීමේදී මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව දැකිය හැකියි.