ජාතියක උරුමය ආරක්ෂා කිරීමේ දී පුරාවස්තුවලට හා පුරාවිද්‍යා ස්ථානවලට විශේෂ සැලකිල්ලක් ලැබේ. ඕනෑම රටක රජයක් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරයි. ශ්‍රී ලංකාව ඓතිහාසික රාජ්‍යයක් ලෙස ප්‍රකට අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පුරාවස්තු දකින්නට ලැබේ. ඇතැම් කෙනකුට මේවා පිළිබඳ හැඟීමක් නැතිකම නිසා ද සමහර තැනෙක පුරාවස්තු වැසී ගොස් ඇති බැවින්ද ජාතික උරුමයේ සංකේත විනාශ මුඛයට යා හැකි ය. ඓතිහාසික ගල්කණු නිවෙස් ඉදිකිරීම සඳහා භාවිත කළ අවස්ථා තිබේ. සෙල්ලිපි හෝ ලෙන්ලිපි සහිත පර්වත කුට්ටි කිරීමට ගිය අවස්ථා ද තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සියල්ල සමාලෝචනය කරමින් පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමට යයි. එහි මූලික අරමුණ වී ඇත්තේ පුරාවස්තු හා පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන අයගේ දඩය හා දඬුවම් වැඩි කිරීම ය. පුරාවස්තුවක් හෝ එම ස්ථානයක් විනාශ කරන වරදකරුවකුට දැනට නියම කළ හැකි දඩය රුපියල් පන්දහසකි. ඒ හැරෙන්නට දඬුවම ලෙස දෙවසරක සිර දඬුවමක් ලබා දිය හැකි ය. මේ දඬුවම් දෙක ම ලබාදිය හැකි ප්‍රතිපාදනද පනතේ නැත. පනත සංශෝධනය කරන්නට යන්නේ දඩය රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීමට ය. ඊළඟ පියවර වන්නේ දඩයත් දඬුවමත් දෙකම එකවර පැනවීමට ද අවස්ථාව ලබාගැනීම ය.
මෙය වැදගත් පියවරක් සේ සැලකිය හැකි ය. දැනට අමාත්‍යාංශ මට්ටමින් මේ ගැන සාකච්ඡා පැවැත්වෙන අතර පසුව පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරයි. දැන් රට පුරා සිදුවන පුරාවස්තු විනාශය දෙස බලන විට මෙබඳු පනත් සංශෝධනයක් අනාගතයට ඉතා වැදගත් බව පෙනී යයි. නිධන් වස්තු කොල්ලකෑම එක අතෙකින් සිදුවෙයි. පුරාවස්තු විනාශය තව අතෙකින් සිදුවෙයි. රටේ ඇති පෞරාණික බුදුපිළිමවලින් කීයක සිරස කඩා තිබේ ද? සැතපෙන බුදු පිළිම කීයක් මුළුමනින් ම විනාශ කර තිබේද? කෞතුකාගාරයේ සංරක්ෂණය කර තිබූ අසිපත් පවා අතුරුදන් වී ඇත. ඇතැම් කොල්ලකෑම් පසුපස රටේ ප්‍රභූ ජනයා ද සිටීම එක අතෙකින් විස්මයට කාරණයකි.
මේ පනත් සංශෝධනයේ දී තවත් වැදගත් සාධකය ක් කෙරෙහි අවධානය යොමු වී ඇත. එනම්; පුරා විද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු විනාශ කිරීමට එරෙහිව මෙහෙයුම් කාර්ය මණ්ඩලයක් ස්ථාපනය කිරීම ය. දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ පොලීසිය යි. එම නිලධාරීන් අදාළ ස්ථාන පරීක්ෂා කරන්නේ ද, කොල්ලකරුවන් පසුපස හඹා යන්නේ ද පැමිණිල්ලක් ලැබුණොත් පමණි. ඒ හැරෙන්නට පොලිස් නිලධාරීන්ට පුරා විද්‍යා ක්ෂේත්‍රය ගැන ප්‍රමාණවත් දැනුමක් නොතිබෙන්නට ද පුළුවන. මේ කොයි අතින් බැලුවද පුරාවිද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කිරීමට මෙහෙයුම් ඒකකයක් තිබීම වැදගත් ය.
හිටපු ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් මහතා නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ගවේෂණය කිරීමට සැලකිය යුතු පරිශ්‍රමයක් දැරුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන දෙසිය හතළිස් ගණනක් සොයා ගැනීමට හැකි විය. ඒ සෑම ස්ථානයකටම ඓතිහාසික වටිනාකමක් තිබිණි. තවත් විශේෂයක් වන්නේ ඒවායින් බොහොමයක් විනාශ වෙමින් පැවතීම ය. එදා සිරිල් මැතිව් මහතා නම් කළ පුරාවිද්‍යා ස්ථානවල විශේෂ සංරක්ෂණයක් අදත් දකින්නට නැත. පසුව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝද දිවයින පුරාම ඇති පුරාවිද්‍යා ස්ථාන හා සෙල්ලිපි සම්බන්ධයෙන් ගවේෂණයක් කළහ. උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පොත් ගණනාවක්ද ලියා තිබේ.
පුරාවිද්‍යා සම්මන්ත්‍රණ, සාකච්ඡා, සංවාද හා හා වැඩමුළු පැවැත්වීම වැදගත් ය. ඒ මගින් ජනතාවට දැනුමක් ලබාදිය හැකි අතර යම් පෙළැඹවීමක් ද ඇති කළ හැකි ය. එහෙත් ජාතික උරුමය සංරක්ෂණය කිරීම සඳහා ඒවා පමණක් ප්‍රමාණවත් නො වේ. වඩාත් වැදගත් වන්නේ ක්‍රියාකාරී වැඩසටහනක් පවත්වාගෙන යෑම ය. ඉරානය, රුසියා ව, එංගලන්තය වැනි රටවල් පුරාවස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය සඳහා මනා සැලැසුම් සහිත වැඩසටහන් ක්‍රියාත්මක කරති. ඕස්ට්‍රේලියාව වැනි රටවල් පවා දැන් පුරාවිද්‍යාව කෙරෙහි බලවත් උනන්දුවක් දක්වයි. එක අතෙකින් එය රටේ ඓතිහාසික තත්ත්වයට වටිනාකමක් එක් කරයි. තව අතෙකින් සංචාරක කර්මාන්තයට ද හොඳ පසුබිමක් ලබා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය පුරා පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. අපේ සංස්කෘතික ත්‍රිකෝණය ක්‍රියාත්මක වන්නේ ද එහි ආධාර යටතේය. අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා මෙන් ම දේශපාලන බලවතා ද වන’ මුත් අමෙරිකානුවාට දිගුකාලීන ඓතිහාසික උරුමයක් නැත. එහෙත් නූතන අමෙරිකාව ඓතිහාසික වටිනාකම් කෙරෙහි බලවත් උනන්දුවක් දක්වයි. නිදසුනක් කිවහොත් අමෙරිකන් ප්‍රකාශන සමාගම් ඓතිහාසික නවකතා සම්බන්ධයෙන් වාර්ෂිකව ත්‍යාග ලබා දීමේ සාහිත්‍ය තරගයක් ද පවත්වයි. මෙයින් පෙනී යන්නේ ඓතිහාසිකත්වය පිළිබඳ බලවත් උනන්දුවක් බලවත් ජාතීන් අතර පවා පවතින බව ය.
ශ්‍රී ලංකාව මොන අතින් බැලුව ද ඓතිහාසික වටිනාකම් සහිත රාජ්‍යයෙකි. අපේ රට තුළ ඇති නෂ්ටාවශේෂ මෙන් ම මහා ඉදිකිරීම් ද ඊට සාක්ෂි දරනු ඇත. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් රටක් බවට පත් වී ඇත්තේ ද එම හේතුව නිසා ය. ඇතැම්විට රටේ සාමාන්‍ය ජනතාවට ඒ ගැන බරපතළ හැඟීමක් නැතිවන්නට පුළුවන. එහෙත් රටේ පාලකයන් හා ආයතන මේ ගැන උනන්දු විය යුතු ය. ඒ අනුව බලනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇති පනත් සංශෝධනය ඉතා වටී. ඒ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ජාතියේ කෘතඥතාව හිමි විය යුතු ය.
Friday, May 24, 2019
Thursday, May 23, 2019
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන ලදි.
ත්‍රිපිටකය යනු මෙලොව උපන් මනුෂ්‍යයකු ලෝකයට දායාද කළ වටිනාම උරුමයක් ලෙසයි සැලකෙන්නේ. එකී ත්‍රිපිටකයට ඉහළින් ඔසවා තැබිය හැකි කිසිදු විද්‍යාවක් මේ වනතුරුත් බිහි වී නොතිබීම විශේෂත්වයක්. ලෝකයේ අනෙකුත් විද්‍යා, දර්ශන, පරික්ෂණාගාර තුළ මතු කරගත් දෑ බව සත්‍යයකි. ත්‍රිපිටක දර්ශනය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හැම තැනකම, සෑම ජීවිතයක ම ජීවි අජීවි සෑම වස්තුවක ම ක්‍රියාකාරීත්වය ගැන සිදු කළ මහා පර්යේෂණයක ප්‍රතිඵලයක්.
වසර හතළිස් පහක් පුරා බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය හෙවත් බුද්ධ භාෂිතය අන්තර්ගතකොට සකසන ලද සාහිත්‍ය වන ත්‍රිපිටකය පසුගියදා ජාතික උරුමයක් කරන්නට රජය කටයුතු කළා.
ආනන්ද තෙරණුවන් බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් බුදුන් වහන්සේ දේශනා කළ සියලු දේශනාවල අරමුණ, දේශනා කළ තැන, දේශනා කළ සූත්‍රයේ කාර්යය ආදී සියල්ල කට පාඩමින් පවත්වාගෙන විත් තිබෙනවා. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආනන්ද රහතන් වහන්සේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය නොනසා තබා ගැනීමට රජගහ නුවරදී රහතන් වහන්සේලා විසින් ධර්මය සංගායනා කොට පවත්වාගෙන යන ලද්දේ අජාසත් රජතුමාගේ මූලිකත්වයෙන් ය.
Tuesday, May 21, 2019
සංස්කෘතික උරුමය
ආදි මිනිසා විසින් දිවි හිමියෙන් පරපුරෙන් පරපුරට රැකගත් සියලු දේ අතීත සංස්කෘතික උරුමයක් වේ. ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි දේවල් ලෙස වර්ග කළ හැකි මේවා වසර දහස් ගණක් පැරුණි ය. ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ට රටක් බවට පත්වීමට මෙම අතීත සංස්කෘතික උරුමයන් හේතු වී තිබේ.
වසර දහස් ගණනකට පෙර ජීවත්වූ බලංගොඩ මානවයාගේ සිට භාවිත කළ මෙවලම් , ආභරණ ආදී දේවල් ද හෙළ රජදරැවන් ඉදි කළ දාගැබ්, මහා සාගර පරදන වාරි නිර්මාණ ආදිය ද මහින්දාගමනයෙන් පසු බෞද්ධ සමාජය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රතිමා ආරාම සංකීර්ණ, සඳකඩපහණ, මුරගල වැනි අගනා නිර්මාණ රුසක් අප රට සතු ය.
ශ්‍රී ලාංකේය අභිමානය ලොවපතළ කළ විශිෂ්ටතම සංස්කෘතික උරැමය වන්නේ කාශ්‍යප රජුගේ සීගිරියයි.
පාරම්පරික ජන සමාජයක් අපට උරැම වූ ජන සම්ප්‍රදායයන්, අභිචාරයන්, කලාශිල්පාදි අස්පර්ශිත සංස්කෘතික උරුමයන් රුසක් ද ශ්‍රී ලාංකික අප සතු ය.
එහෙත් වර්තමානයේ සිදු කරන නිදන් හෑරීම්, පුරාවස්තු විනාශ කිරීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන් ම ස්වාභාවික උරුමයන් විනාශ වෙමින් පවතී. වර්තමාන සමාජයේ පැවැත්මට හේතුවන අපේසංස්කෘතික උරුමය මුතුන් මිත්තන් ආරක්ෂා කළා සේම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකිකයා සතු යුතුකමකි.
වසර දහස් ගණනකට පෙර ජීවත්වූ බලංගොඩ මානවයාගේ සිට භාවිත කළ මෙවලම් , ආභරණ ආදී දේවල් ද හෙළ රජදරැවන් ඉදි කළ දාගැබ්, මහා සාගර පරදන වාරි නිර්මාණ ආදිය ද මහින්දාගමනයෙන් පසු බෞද්ධ සමාජය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රතිමා ආරාම සංකීර්ණ, සඳකඩපහණ, මුරගල වැනි අගනා නිර්මාණ රුසක් අප රට සතු ය.
ශ්‍රී ලාංකේය අභිමානය ලොවපතළ කළ විශිෂ්ටතම සංස්කෘතික උරැමය වන්නේ කාශ්‍යප රජුගේ සීගිරියයි.
පාරම්පරික ජන සමාජයක් අපට උරැම වූ ජන සම්ප්‍රදායයන්, අභිචාරයන්, කලාශිල්පාදි අස්පර්ශිත සංස්කෘතික උරුමයන් රුසක් ද ශ්‍රී ලාංකික අප සතු ය.
එහෙත් වර්තමානයේ සිදු කරන නිදන් හෑරීම්, පුරාවස්තු විනාශ කිරීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන් ම ස්වාභාවික උරුමයන් විනාශ වෙමින් පවතී. වර්තමාන සමාජයේ පැවැත්මට හේතුවන අපේසංස්කෘතික උරුමය මුතුන් මිත්තන් ආරක්ෂා කළා සේම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකිකයා සතු යුතුකමකි.
Subscribe to:
Posts (Atom)
