තනිපන්ගලම කෙටිකතාව
පාසැල් වාර විභාගය අවසන් වී අද අවුරුදු නිවාඩු දෙන දවසයි.කියාගන්න බැරි සතුටකින් මා හා අක්කා ගෙදර යෑමට පිටත් විය.අක්කා දොළහ වසරේ මම අට වසරේ අක්කා එක්ක තමයි මම හැමදාම ඉස්කොලේ යන්නෙ එන්නේ
ඉතිං අපි දෙන්න පයින් යන්නේ පාර දෙපැත්තේ තියෙන අඹ පේර කකාය.
"අනේ මල්ලී අර අඹ ගහේ අඹ පැහිලා"
"අක්කේ මං නගින්නද "
"පිස්සුද මෝඩයෝ ලීයකින් කඩමු"
අක්කා යි මායි ඉක්මනින් ගෙදර යන්නේ පුදුමාකාර බඩගින්නේ ඒ බඩගින්නට එක එක ඇට බැට කනවා
අද ගෙදර වෙනදටත් වඩා වෙනසක් අම්මා එහෙම අවුරුදු කැවිලි හදනවා මට ඉතිං රජ මගුල් වගේ තමයි.
"අම්මේ අපි අවෝ..."
"අනේ මයේ රං කද..."කියමින් අම්මා මාව ළගට ගනී
"දුවේ මල්ලිත් එක්ක මූන කට සෝදගෙන බත් කාපන් මට වැඩ අද මෙතනින් රෑ වෙනකන්වත් හෙල්ලෙනවා බොරු"
"හා අම්මේ "
බත් එහෙම කාල හවස් වෙලා අම්මයි මයි අක්කයි යනවා ඇළට නාන්න හැමදාම ඇළේ සෙල්ලම් කරනවා තරම් මට සතුටක් තවත් නෑ
"දුවේ මල්ලිත් එක්ක ඇළට ගිහින් නාලා වරෙන් මට අද උඹලත් එක්ක යන්න එන්න වෙන්නෙ නෑ මේ කැවුම් ටික උයා ගන්න ඕනී"
"හා අම්මේ...මල්ලී ඉක්මන්ට ඇදුම් එහෙම ගන්න පාඩම් කරන්න තියෙනවා ඉක්මනට නාලා එන්න ඕනී"
"උඹලා දෙන්නා කැවුම් එහෙම කනවා නෙවෙයි හවස් යාමේ ඕවා කාලා නාන තැන්වල ඉන්න හොද නෑ"
මගේ පෙරේතකම නිසා අම්මා කිව්ව දේ නෑහුනාවගේ අක්කටයි මටයි කැවුම් හොරෙන් කලිසම් සාක්කුවේ දාගේන අපි දෙන්නා කකා නාන්න ගියා.
" මල්ලී අම්මට එහෙම කියනවා නෙවෙයි කැවුම් කෑවා කියලා අපි දෙන්නට ගුටිත් කන්නවෙයි මමනම් කියනවා මල්ලි තමයි මටත් දුන්නේ කියලා"
"කියන් නෑ මං..."
"අක්කේ එගොඩ ගහේ පේර හුගාක් ඉදිලා තියෙනවා කඩන් එන්නද"
"ඉක්මනට එනවා මල්ලි හරිද මට මෙතන තනියම ඉන්න බයයිත් එක්ක"
අක්කා නානකං මං දුවගෙන ගිහිං පේර කඩන් කාලා අක්කටත් සාක්කුවේ දාගෙන ටික වෙලාවකට පස්සේ ආවා.
"අක්කේ පේර හුගක් තිබුනා"
අක්කා මං එනකොටත් නාලා ඉවරයි මත් ඉක්මනට නාලා අපි දෙන්න ගෙදර අවා. ගෙදර එනකංවත් අක්කා මා එක්ක කතාවත් කරේ නෑ. අක්කා ගෙට ගිහිං කාමරේ බිම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන හිටියා මට හරිම පුදුමයක් අම්මා කතා කරත් අක්කා වචනයක්වත් කතා නෑ අම්මයි මායි හොදටම බය උනා.ටික වෙලාවකින් තාත්තා ආවා.තාත්තාට මේ විස්තරේ අම්ම කිව්වා.
"දූ නාලා ආවා විතරයි කතාවක් නෑ ඔහෝම්මම කාමරේට උනා"
"මම කට කැඩෙනකම් කියලා තියෙනවනේ හවස් යාමෙ තනියම කොහෙවත් යවන්න එපා කියලා"
"පුතත් එක්ක යැව්වේ.ඉක්මන්ට ගුරුමුත්තා හරි එක්කගෙන ආවනම් නරකද"
තාත්තා ගුරුමුත්තා එක්ක එන්න ගියා ගුරුමුත්තා කියන්නේ ගමේ මතුරන මුත්තට.ගුරුමුත්තා හනික ඇවිත් අක්කා පරික්ශා කරල බැලුවා
"මේකිට අමනුෂ්‍ය දෝසයක් තනිපන්ගලමෙ මේකි ඉදලා තියෙනවා මේකට දෙහිවත් මතුරලා බලමු "
ගුරුමුත්තා අම්මාට යි තාත්තාටයි කියනවා මං අහගෙන මට බයක් දැනෙනවා.පසුව දෙහි කැපුවා මතුර මතුර මම ඒ දෙස බියෙන් බලා සිටියෙමි.දෙහි කැපුවත් අක්කට කිසිම ගුනයක් නෑ නැවත ගුරුමුත්තා පසුවදා අවා ගුරුමුත්තා මෙසේ කීවේය.
"මේකිට එසේ මෙසේ දාසයක් නෙවෙයි තියෙන්නේ කලු කුමාර දිෂ්ටිය මේකටනම් සන්නියක්වත් නටන්න වෙයි"
පසුව ගුරුමුත්තා තව ගුරුන්නාන්සේලා කිහිපදෙනෙක් එක්ක දහ අට සන්නිය නටන්න සූදානම් කරා එය නටන වෙලාවේ මම බයෙන් බලාගෙන හිටියා. යක්කු දහ අට දෙනෙක් නැටුවා මන්තර කුව්වා පිදේනි දුන්න අවසානේ ඉවර උනාට පස්සේ අක්කට හොදයි.
"දැන් දූට කොහොමද ඇගපත එහෙම රිදෙනවාද"
"ටිකක්වගේ මට හරිම තෙහෙට්ටුයි"
"දුව දැන් කිසිම දේකට බය වෙන්න එපා මළ යක්කු ඔක්කොම ඉවරයි දැන්"
මෙසේ ගුරුමුත්තා අක්කට කියනවා මන් අහගෙන ගුරුමුත්තා අම්මට කිව්වා අයේ තනිපන්ගලමේ කොහෙවත් යවන්න එපා කියලා.මට දැං හොදට තේරෙනවා එදා අක්කාව තනියම දාල ගිය නිසා තමයි මේ හැම දෙයක්ම උනේ අයෙනම් කවදාවත් තනියම හවස්වෙලා පුලුටු දේවල් කාලා කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා.ඉතිං මේ සැරේ අවුරුදුත් හරියට නෑ අපිට.
