Wednesday, September 4, 2019

කෙටිකතාව

තනිපන්ගලම කෙටිකතාව

පාසැල් වාර විභාගය අවසන් වී අද අවුරුදු නිවාඩු දෙන දවසයි.කියාගන්න බැරි සතුටකින් මා හා අක්කා ගෙදර යෑමට පිටත් විය.අක්කා දොළහ වසරේ මම අට වසරේ අක්කා එක්ක තමයි මම හැමදාම ඉස්කොලේ යන්නෙ එන්නේ

ඉතිං අපි දෙන්න පයින් යන්නේ පාර දෙපැත්තේ තියෙන අඹ පේර කකාය.

"අනේ මල්ලී අර අඹ ගහේ අඹ පැහිලා"

"අක්කේ මං නගින්නද "

"පිස්සුද මෝඩයෝ ලීයකින් කඩමු"

අක්කා යි මායි ඉක්මනින් ගෙදර යන්නේ පුදුමාකාර බඩගින්නේ ඒ බඩගින්නට එක එක ඇට බැට කනවා

අද ගෙදර වෙනදටත් වඩා වෙනසක් අම්මා එහෙම අවුරුදු කැවිලි හදනවා මට ඉතිං රජ මගුල් වගේ තමයි.

"අම්මේ අපි අවෝ..."

"අනේ මයේ රං කද..."කියමින් අම්මා මාව ළගට ගනී

"දුවේ මල්ලිත් එක්ක මූන කට සෝදගෙන බත් කාපන් මට වැඩ අද මෙතනින් රෑ වෙනකන්වත් හෙල්ලෙනවා බොරු"

"හා අම්මේ "

බත් එහෙම කාල හවස් වෙලා අම්මයි මයි අක්කයි යනවා ඇළට නාන්න හැමදාම ඇළේ සෙල්ලම් කරනවා තරම් මට සතුටක් තවත් නෑ

"දුවේ මල්ලිත් එක්ක ඇළට ගිහින් නාලා     වරෙන් මට අද උඹලත් එක්ක යන්න එන්න වෙන්නෙ නෑ මේ කැවුම් ටික උයා ගන්න ඕනී"

"හා අම්මේ...මල්ලී ඉක්මන්ට ඇදුම් එහෙම ගන්න පාඩම් කරන්න තියෙනවා ඉක්මනට නාලා එන්න ඕනී"

"උඹලා දෙන්නා කැවුම් එහෙම කනවා නෙවෙයි හවස් යාමේ ඕවා කාලා නාන තැන්වල ඉන්න හොද නෑ"

මගේ පෙරේතකම නිසා අම්මා  කිව්ව දේ නෑහුනාවගේ අක්කටයි මටයි කැවුම් හොරෙන් කලිසම් සාක්කුවේ දාගේන අපි දෙන්නා කකා නාන්න ගියා.

" මල්ලී අම්මට එහෙම කියනවා නෙවෙයි කැවුම් කෑවා කියලා අපි දෙන්නට ගුටිත් කන්නවෙයි මමනම් කියනවා මල්ලි තමයි මටත් දුන්නේ කියලා"

"කියන් නෑ මං..."

"අක්කේ එගොඩ ගහේ පේර හුගාක් ඉදිලා තියෙනවා කඩන් එන්නද"

"ඉක්මනට එනවා මල්ලි හරිද මට මෙතන තනියම ඉන්න බයයිත් එක්ක"

අක්කා නානකං මං දුවගෙන ගිහිං පේර කඩන් කාලා අක්කටත් සාක්කුවේ දාගෙන ටික වෙලාවකට පස්සේ ආවා.

"අක්කේ පේර හුගක් තිබුනා"

අක්කා මං එනකොටත් නාලා ඉවරයි මත් ඉක්මනට නාලා අපි දෙන්න ගෙදර අවා. ගෙදර එනකංවත් අක්කා මා එක්ක කතාවත් කරේ නෑ. අක්කා ගෙට ගිහිං කාමරේ බිම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන හිටියා මට හරිම පුදුමයක් අම්මා කතා කරත් අක්කා වචනයක්වත් කතා නෑ අම්මයි මායි හොදටම බය උනා.ටික වෙලාවකින් තාත්තා ආවා.තාත්තාට මේ විස්තරේ අම්ම කිව්වා.

"දූ නාලා ආවා විතරයි කතාවක් නෑ ඔහෝම්මම කාමරේට උනා"

"මම කට කැඩෙනකම් කියලා තියෙනවනේ හවස් යාමෙ තනියම කොහෙවත් යවන්න එපා කියලා"

"පුතත් එක්ක යැව්වේ.ඉක්මන්ට ගුරුමුත්තා හරි එක්කගෙන ආවනම් නරකද"

තාත්තා ගුරුමුත්තා එක්ක එන්න ගියා ගුරුමුත්තා කියන්නේ ගමේ මතුරන මුත්තට.ගුරුමුත්තා හනික ඇවිත් අක්කා පරික්ශා කරල බැලුවා

"මේකිට අමනුෂ්‍ය දෝසයක් තනිපන්ගලමෙ මේකි ඉදලා තියෙනවා මේකට දෙහිවත් මතුරලා බලමු "

ගුරුමුත්තා අම්මාට යි තාත්තාටයි කියනවා මං අහගෙන මට බයක් දැනෙනවා.පසුව දෙහි කැපුවා මතුර මතුර මම ඒ දෙස බියෙන් බලා සිටියෙමි.දෙහි කැපුවත් අක්කට කිසිම ගුනයක් නෑ නැවත ගුරුමුත්තා පසුවදා අවා ගුරුමුත්තා මෙසේ කීවේය.

"මේකිට එසේ මෙසේ දාසයක් නෙවෙයි තියෙන්නේ කලු කුමාර දිෂ්ටිය මේකටනම් සන්නියක්වත් නටන්න වෙයි"

පසුව ගුරුමුත්තා තව ගුරුන්නාන්සේලා කිහිපදෙනෙක් එක්ක දහ අට සන්නිය නටන්න සූදානම් කරා එය නටන වෙලාවේ මම බයෙන් බලාගෙන හිටියා. යක්කු දහ අට දෙනෙක් නැටුවා මන්තර කුව්වා පිදේනි දුන්න අවසානේ ඉවර උනාට පස්සේ අක්කට හොදයි.

"දැන් දූට කොහොමද ඇගපත එහෙම රිදෙනවාද"

"ටිකක්වගේ මට හරිම තෙහෙට්ටුයි"

"දුව දැන් කිසිම දේකට බය වෙන්න එපා මළ යක්කු ඔක්කොම ඉවරයි දැන්"

මෙසේ ගුරුමුත්තා අක්කට කියනවා මන් අහගෙන ගුරුමුත්තා අම්මට කිව්වා අයේ තනිපන්ගලමේ කොහෙවත් යවන්න එපා කියලා.මට දැං හොදට තේරෙනවා එදා අක්කාව තනියම දාල ගිය නිසා තමයි මේ හැම දෙයක්ම උනේ අයෙනම් කවදාවත් තනියම හවස්වෙලා පුලුටු දේවල් කාලා කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා.ඉතිං මේ සැරේ අවුරුදුත් හරියට නෑ අපිට.









Sunday, July 28, 2019

පැරණි සංනිවේදන උරුමය


  පැරණි සංනිවේදන උරුමය

පැරණි සන්නිවේදන ක්‍රමයක් ලෙස සෙල්ලිපි හැදින්විය හැකිය.ශ්‍රි ලංකාවේ අතීත තොරතුරු පිළිබිඹු කරන සෙල්ලිපි වලින් ඉගෙනගන්න දේවල් රැසක් තිබේ .අපේ සෙල්ලිපි  පිළිබඳ පැරණිම සඳහන දකින්නට ලැබෙන්නේ රොබට් නොක්ස්ගේ ලියවිලිවල සඳහන් ගඩොලාදෙණි විහාරයේ ගිරි ලිපියයි.බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියවුණු ශිලාලේඛන කියවීමට මුලින්ම උත්සාහ කර තිබෙන්නේ ඒ.සී. බ්‍රෝඩ් ඒ 1855දී පමණ. පසුව වර්ෂ 1882 දී ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ් දඹුල්ලේ ලෙන් ලිපි පිළිබඳව ලියූ ලිපියක් ඉන්දියන් ඇන්ටික්වරී සඟරාවෙන් හමුවේ.හෙන්රි පාකර් ක්‍රි.පූ. යුගවලට අයත් සෙල් ලිපි  පරිවර්තනය කර ඇත. ශ්‍රි ලංකාවේ ශිලා ලේඛණ පර්යේෂණ කටයුතු ආරම්භ වෙන්නේ වර්ෂ 1890ජූනි මස  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසුවයි.ශ්‍රි ලංකාවේ  ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයාවූ එච්.සී.පී බෙල් මහතා වර්ෂ1893 ප්‍රකාශයට පත් කළ කෑගලු වාර්තාවේ සඳහන් ආකාරයට  කෑගලු ප්‍රදේශයේ සෙල්ලිපි රාශියක් කියවූ බවට සඳහන් වේ.ඉන්පසු මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා අති විශාල සෙල්ලිපි ප්‍රමාණයක් කියවපු නිසා  අපිට ඉතිහාස ගත කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවුනා.සෙල්ලිපි යනු අපේ උරුමයන්‍ ය.

Saturday, July 27, 2019

ගල් ඔය

ගල් ඔය ජාතික වනෝද්‍යානය

   ගල් ඔය ජාතික වනෝද්‍යානය 1954 පෙබරවාරි 12 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.මෙය හෙක්ටයාර 25900ක ප්‍රමාණයක් විසිරී පවතී.
  නැගෙනහිර වියලි කලාපයේ අම්පාර ,මොණරාගල දිස්ත්‍රික්කයන්හි දෙකෙහිම ව්‍යාප්තව පවතී.
  සේනානායක සමූද්‍රයේ අඹය භූමියේ දී ජලය ගෙනයන ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරන්නේ ගල් ඔය ජාතික වනෝද්‍යානයෙන්‍ ය.
  මෙම වනාන්තරයට වර්ශයේ වර්ශාපතන සාර්ථක ව ලැබේ.ලැබෙන වාර්ශික වර්ශාපතනය මිලි මීටර 1700ක් පමණ වේ.
  මෙම වනාන්තරයට ප්‍රවේශවන මාර්ග  කොලඹ,නුවර,මහියංගණය,අම්පාර,ඉගිනියාගල හරහාද,කොලඹ පැල්මඩුල්ල ,නාමල් ඔය වැල්ලවාය,මොනරාගල,සියඹලාණ්ඩුව ,අම්පාර ඉගිනියාගල හරහද ප්‍රවේශ විය හැකිය.

Friday, July 26, 2019

විල්පත්තුව

  විල්පත්තුව ජාතික වනෝද්‍යානය

ලංකාවේ මුලිම්ම ප්‍රකාශයට පත් කරන්න ලද වනෝද්‍යානය  ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි.1905  වර්ශයේදී ප්‍රකාශයට පත්කර ඇත.

  පුත්තලම ,අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි දෙකෙහි ම මෙම වනෝද්‍යානය ව්‍යාප්තව පවතී.

  විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 131667.1 පමණ ව්‍යාප්තව පවතී.උද්‍යානය තුල විල්ලු රැසක් පිහිටා තිබීම හේතුවෙන් මෙයට විල්පත්තුව ලෙස නම ලැබී ඇත.

  මෙම වනෝද්‍යානය විදේශිකයන්ගේ අවධානයට ලක්වෙන වනෝද්‍යානයක් ලෙස හැදින්විය හැකිය.මෙහි ශාක සම්පත් මෙන්ම සත්ත්ව සම්පත් විශාල වශයෙන් ඇත.

  වර්තමානය වනවිට මෙම වනෝද්‍යානය විනාශ කිරීමක් දැකගත හැකිය.කුමන හෝ ක්‍රියාවකට උවද මෙම වනෝද්‍යානය විනාශ කිරීමට නොදී අප උරුමයක් සේ එය රැක ගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

Sunday, July 21, 2019

යාල ජාතික උද්‍යාන



ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානය ලෙස යාල ජාතික උද්‍යානය හැඳින්වේ. එය කොළඹින් කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා තිබේ. මෙහි පිහිටීම ගත් විට ඌව සහ දකුණු පළාත් දෙකට අයත් වේ. ශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති මෙය රටේ ඇති ප‍්‍රධානතම ජාතික වනෝද්‍යානයකි. රක්‍ෂිතයේ වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද සංචාරකයින් වෙත විවෘත කර ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයක් පමණි. යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් යුත් රක්ෂිතයක් ලෙස සැලකේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ  රක්ෂිතයෙන් වැඩි කොටසක් පතත් බිම් වශයෙන් පවතින නමුත් එය වනභූමි වෙරල ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයක් වීමයි. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති. පක්ෂීන් ලෙස සැලකීමේදී මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව දැකිය හැකියි.

Saturday, July 20, 2019

මහවැලි ගඟ


මහවැලි ගඟ

මහවැලි ගංගාව ශ්‍රී ලංකාවේ  විශාලතම ගංගාවයි. එය දිවයිනේ කඳුකරයේ බටහිර පැත්තේ හැටන් දිශාවේ  සිට ආරම්භ වී නැගෙනහිරින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අවසන් වේ. මෙම ගංගාව කිලෝමීටර් 335 ක් දිග වන අතර එය සැලකිය යුතු දිගකි.
මහවැලි  ගඟ බොහෝ ආකාරවලින් රට පෝෂණය කිරීමේදී කැපී පෙනෙන කාර්යයක් ඉටු කරයි. එය රටට විදුලිය ලබා ගැනීමට උපකාරී වේ. සහ කෘෂිකාර්මික විශාල ප්‍රදේශයකට ජලය සපයයි ශ්‍රී ලංකාවේ විශාලතම වාරිමාර්ග ප්‍රක්ෂේපන වලින් එකක් මෙම මහා ගඟ වටා වියන ලද බැවින් එය "මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය" ලෙස නම් කර ඇත.
අපේ ළමා කාලය තුළ අපට උගන්වා ඇත්තේ රටේ මධ්‍යම කඳුකරයෙන් සාගර දෙසට ගලා බසින සහ සාගරයට යන ගමනේදී රට පුරා පෝෂණය වන මහා ගංගා 4 ක් පමණයි. මෙම ගංගා "මහවැලි, කැලනි, කළු සහ වලවේ" ගංගා.වේ.
ශ්‍රී ලංකාව සුන්දර කුඹුරුවලින් පිරුණු කෘෂිකාර්මික භූමියක් බැවින් ජලය අපගේ රුධිරයයි .එමෙන්ම අපේ මව් ජාතියට එම රුධිරයේ හොඳම ප්‍රභවය මහවැලි ගඟයි.

Thursday, July 18, 2019

රාවණා ඇල්ල

 ශ්‍රී ලංකාවේ මීදුම් කඳුකරයේ, පුළුල් රාවණා දිය ඇල්ල ඉලිප්සාකාර කොන්ක්‍රීට් පර්වතයකින් වැටෙන අඩි 82 ක උසකින් යුක්ත වේ. එහි ජල ප්‍රවාහයේ උපරිම සමයේදී එය පතිත වන පුවක් මලක ස්වරූපයක් ගනී, නමුත් වියළි සමයේදී එහි ප්‍රමාණය විශාල ලෙස අඩු වේ.

පුරාවෘත්තය

මීට පෙර ඉන්දියාවේ රජෙකු සිටියේ දරුවන් ලැබීමට නොහැකි වූ අයෙකි. බලාපොරොත්තු සුන් වූ ඔහු දෙවිවරුන්ගෙන් උරුමක්කාරයෙකු ඉල්ලීම සඳහා හෝමාම් (පූජනීය ගින්නක්) නිර්මාණය කරන ලෙස තම පූජකයන්ගෙන් ඉල්ලා සිටියේය. දෙවිවරු ඔහුට ආශීර්වාද කළ අතර ගින්නෙන් ඔහුගේ භාර්යාවන් සිව්දෙනාගේ බඩට ඇතුළු වූ කුඩා ආලෝක ගෝල හතරක් නැගී සිටියහ. ඔවුන් ගැබ්ගෙන ඇති බව. අවසානයේදී ඔවුන් නිරෝගී පිරිමි දරුවන් හතර දෙනෙකු බිහි කළ අතර වැඩිමහල් තැනැත්තා රාම ය. රාම අතිශයින්ම ලස්සන, නිර්භීත, දක්ෂ හා කාරුණික ය; මක්නිසාද යත්, ඔහුගේ දෙමව්පියන් නොදන්නා ඔහු හින්දු දෙවියන් වන ක්‍රිෂ්ණාගේ පුනරුත්පත්තිය වූ බැවිනි. ඔහු නියම වයසට පැමිණි පසු, සිට්ස් හා සමානව සුන්දර හා මෘදු කුමරිය සමඟ විවාහ වූ අතර උරුමක්කාරයා ලෙස පත්විය. කෙසේ වෙතත්, සතුට පැවතියේ නැත. අනෙක් භාර්යාවන්ගෙන් එක් අයෙකු රජුගේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යා කළ අතර මායාකාරියකගේ සහාය ඇතිව රැවටිලිකාර කුමන්ත්‍රණයක් දියත් කළේය. සුළු මව විසින් රජුට ගෞරවයක් ලබා දුන්නේ යුද්ධයකදී ඇයගේ උපකාරය වෙනුවෙන් ඔහු ලබා දුන් වරප්‍රසාදයකි. තම පුතා රජකමට පත් කරන ලෙස ඉල්ලා සිටි අතර රාම අවුරුදු 14 ක් වනාන්තරයට පිටුවහල් කරනු ලැබීය. රාමා, සීතා සහ ඔහුගේ විශ්වාසවන්ත සහෝදරයා වන ලක්මනන් ඔවුන් පැළඳ සිටි ඇඳුම් හැර වෙන කිසිවක් නොමැතිව වනාන්තරයට පිටත් වූහ.

කරදර ආරම්භ වූයේ යන්තම් ය. ඔවුන් තිදෙනා පැල්පතක් සාදා ශ්‍රී ලංකාවේ නපුරු රජතුමා දකින තුරු අවුරුද්දක් එහි සාමකාමීව වාසය කළහ. රාවණා රජු මැජික් භාවිතා කළ හැකි රක්ෂාසා නම් කුරිරු ජාතියට අයත් වූ අතර සීතාගේ සුන්දරත්වයට හසු විය. ඔහු ඇයව පැහැර ගැනීමට ඔහුගේ මැජික් භාවිතා කර ඇයව ශ්‍රී ලංකාවට ගෙන ගියේය. සයිට්ස් ගුහාවක සිරගත කරන ලදී; රාම විසින් තම දේව බලය යොදාගෙන හමුදාවක් නිර්මාණය කර ඇයව බේරා ගන්නා තෙක්. ප්‍රේමය හා යුද්ධය පිළිබඳ දෙමළ සාහිත්‍ය වීර කාව්‍යය වන රාමායණය පවසයි.

Wednesday, July 17, 2019

කැලණි ගඟ


         කැලණි ගඟ

කැලණි ගංගාව ශ්‍රි ලංකාවේ පුජනීයත්වයක් ආරෝපණය වි ඇති ප්‍රධාන ගංගාවකි.සමනළ කදුවැටියෙන් ආරම්භ වී කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දිවයින අසලින් මුහුදට වැටෙයි.එහි ජල වහන ප්‍රාදේශය වර්ග කිලෝමීටර් 2690ක් වේ.වාර්ෂික ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% පමණි. මෙරට ජල විදුලිය නිපදවීම සදහා කළක සිටම බෙහෙවින් දායක වී ඇති ගංඟාව මෙයයි.නිතර නිතර ජල ගැලීම් වල‍ට ප්‍රසිද්ධ ගංඟාවකි.

Tuesday, July 16, 2019

උඩවලව ජාතික වනෝද්‍යානය

ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව උඩවලව ජාතික වනෝද්‍යානයශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටයි. වලවේ ගඟ හ‍රස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.වෙන් ක‍ර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අත‍ර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ. පිහිටයි. වලවේ ගඟ හ‍රස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.වෙන් ක‍ර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අත‍ර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ.

Monday, July 15, 2019

කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය

කන්නෙලිය දෙදනිගල නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිත

මෙම වනාන්තරය හෙක්ටයාර 10867 පමණ විශාලය. ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ ගාල්ල නගරයට කි.මි 35ක් පමණ ඊසාන වන්නට තිබේ.

සිංහරාජ වනාන්තරයට පසු පිරිපුන් පහත රට වැසි වනාන්තරයක් ලෙස සැලකෙන්නේ මෙම වනාන්තරයයි.

මෙම වනාන්තරය 1934 දී රක්ෂිත වනාන්තරයක් ලෙස පත් කරන ලදි.2004 වර්ශයේ අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

මෙහි වාර්ශික වර්ශාපතනය මි.මි 3500-4500 අතර වේ.මාසික සාමන්‍ය උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් පමණ වේ.

මෙම වනාන්තරය පහතරට සදාහරිත තෙත් වනාන්තරයකි.දකුණු ආසියාවේ ඇති ශාක සම්පත් විශාල ප්‍රමාණයක් ඇත.මෙහි ශාක ඉහළ ප්‍රමාණයක් ඇත.

සත්ත්ව විශේෂ රාශියක් ඇති මෙම වනාන්තරයෙහි ඇති සත්ත්ව විශේෂ ගණන 220 පමණ වේ.එයින් 41ක්ම ලංකාවට ආවේණිකය.

නිල්වලා,ගිං ගංගාවන්ට ජලය සපයන්නේ මෙමෙ වනාන්තරයෙහි ඇති ජල සම්පතෙනි.මෙමෙ වනාන්තරය ආරක්ෂා කරගැනීම අපගේ යුතුකමකි.  

Saturday, July 13, 2019

හුරුළු රක්ෂිතය

හුරුළු අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය

  ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙය පිහිටා තිබේ.අනුරාධපුර හා පොළොන්නරු ප්‍රදේශයන් දෙකෙහි ම ව්‍යාප්තව පවතින මෙම වනාන්තරය හෙක්ටයාර විසිපන්දහසක් වූ භූමි ප්‍රමාණයක ව්‍යාප්ත ව පවතී.

  මෙම වනාන්තරය  1942 දී රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.1977 දී එයින් හෙක්ටයාර 512 ක භූමි ප්‍රමාණයක් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

 2007 දී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙක්ටයාර 1000ක්  වූ භූමි ප්‍රමාණයක් පාරිසරික උද්‍යානයක් ලෙස නම් කොට විවෘත කළේය.

  මෙම රක්ෂිතය තුළ වියලි මිශ්‍ර සදා හරිත වනාන්තර පද්ධතියක් ඇත.ඉහළ තලයේ වියන් විස්තර සහ කුඩා ප්‍රමාණයේ ශාක වලින් සැදුණු උප  වියන් විස්තරයක් ද පැහැදිළිව දක්නට ලැබේ.

  මෙම වනාන්තරයේ ශාක අතරින් ප්‍රධාන ශාක ලෙස පළු,බුරුත, කළුවර, හල්මිල්ල, වීර, මී ,කොහොඹ,  තිඹිරි, කොලොං මිල්ල,නෑබඩ යන ශාකයන් දක්නට ලැබේ.

   මෙම වනාන්තරයේ විවිධ සතුන් වාසය  කරන අතර මෙහි අලියා, දිවියා, වල් ඌරා, උනහපුලුවා, ඉත්තෑවා, මුවා, කබල්ලෑවා, මුගටියා, වල් බල්ලා, ආදී ක්ශීරපායින් ද,මල් කොහා, හබන්කුකුලා,වලි කුකුළා කෑරලා, ආදී පක්ෂීන් ද බෙහෙවින් දක්නට ලැබේ.

Friday, July 12, 2019

නකල්ස්

නකල්ස් වනාන්තර  පද්ධතිය
නකල්ස් වනාන්තර පද්ධතිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා තිබේ.දුමින් බර වූ කඳු වැටියේ යන අරුතෙන් දුම්බර කඳු වැටිය ලෙස ප්‍රචලිත වී තිබේ.මෙය මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ව්‍යාප්ත වී තිබේ.

         මෙහි වපසරිය හෙක්ටයාර 21,000 ක් පමණ ඇත.මෙය කඳු මුදුන්  තිස් පහකින් සමන්විත වී තිබේ.මෙහි කඳු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් දාහකට වඩා උසින් පිහිටා තිබේ.

මෙම පරිසර පද්ධතියේ ජෛව විවිධත්ව ශාක පවතී

       ජෛවවිවිධත්ව සතුන් සිටී  

       ජල පෝෂක ප්‍රදේශ පවතී.

       විසිතුරු වෘක්ෂලතා ද තිබේ.

Monday, July 8, 2019

ලෝක උරුම සිංහරාජය

  සිංහරාජ වනාන්තරය

ශ්‍රී ලංකාවේ ස්භාවික වනාන්තරයක් වන සිංහරාජය හැදින්විය හැකිය.මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.මෙම වනාන්තරයෙහි ස්භාවික සුන්දරත්වය අපූරු ය.මෙය විදගැනීමට මහජනතාවට අවස්ථාව ලැබී තිබේ.

මෙය පාලනය කරනු ලබන්නේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. මෙම වනාන්තරයෙහි  සිංහරාජයෙක් සිටි නිසා "සිංහරාජ"
නම ලැබී ඇත.

 ලංකාවේ නිරිතදිග තෙත් කලාපයෙහි පිහිටා තිබේ.මෙයට වර්ශය පුරා මිලිමීටර 3000-6000 අතර ප්‍රමාණයේ වර්ශාපතනයක් ඇති වේ.වනාන්තරය පිහිටා ඇති භූමිය මුහුදු මට්ටමේ සිට 100-200 අතර උසකින් පිහිටා තිබේ.

මෙහි දළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 සිට 25 අතර පවතී.තවද මෙම සිංහරාජ වනාන්තරය,

ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද,

ජෛව විවිධත්වය අතින් ඉහළ ලෙස ද,

ස්වභාවික පාරිසරික ලක්ෂණ අතින් ද,
             ඉහළ ය.

Saturday, June 15, 2019

culture සංස්කෘතිය


   සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.

Friday, May 24, 2019

උරුමය සුරැකීම

     ජාතියක උරුමය ආරක්ෂා කිරීමේ දී පුරාවස්තුවලට හා පුරාවිද්‍යා ස්ථානවලට විශේෂ සැලකිල්ලක් ලැබේ. ඕනෑම රටක රජයක් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරයි. ශ්‍රී ලංකාව ඓතිහාසික රාජ්‍යයක් ලෙස ප්‍රකට අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පුරාවස්තු දකින්නට ලැබේ. ඇතැම් කෙනකුට මේවා පිළිබඳ හැඟීමක් නැතිකම නිසා ද සමහර තැනෙක පුරාවස්තු වැසී ගොස් ඇති බැවින්ද ජාතික උරුමයේ සංකේත විනාශ මුඛයට යා හැකි ය. ඓතිහාසික ගල්කණු නිවෙස් ඉදිකිරීම සඳහා භාවිත කළ අවස්ථා තිබේ. සෙල්ලිපි හෝ ලෙන්ලිපි සහිත පර්වත කුට්ටි කිරීමට ගිය අවස්ථා ද තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සියල්ල සමාලෝචනය කරමින් පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමට යයි. එහි මූලික අරමුණ වී ඇත්තේ පුරාවස්තු හා පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන අයගේ දඩය හා දඬුවම් වැඩි කිරීම ය. පුරාවස්තුවක් හෝ එම ස්ථානයක් විනාශ කරන වරදකරුවකුට දැනට නියම කළ හැකි දඩය රුපියල් පන්දහසකි. ඒ හැරෙන්නට දඬුවම ලෙස දෙවසරක සිර දඬුවමක් ලබා දිය හැකි ය. මේ දඬුවම් දෙක ම ලබාදිය හැකි ප්‍රතිපාදනද පනතේ නැත. පනත සංශෝධනය කරන්නට යන්නේ දඩය රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීමට ය. ඊළඟ පියවර වන්නේ දඩයත් දඬුවමත් දෙකම එකවර පැනවීමට ද අවස්ථාව ලබාගැනීම ය.

මෙය වැදගත් පියවරක් සේ සැලකිය හැකි ය. දැනට අමාත්‍යාංශ මට්ටමින් මේ ගැන සාකච්ඡා පැවැත්වෙන අතර පසුව පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරයි. දැන් රට පුරා සිදුවන පුරාවස්තු විනාශය දෙස බලන විට මෙබඳු පනත් සංශෝධනයක් අනාගතයට ඉතා වැදගත් බව පෙනී යයි. නිධන් වස්තු කොල්ලකෑම එක අතෙකින් සිදුවෙයි. පුරාවස්තු විනාශය තව අතෙකින් සිදුවෙයි. රටේ ඇති පෞරාණික බුදුපිළිමවලින් කීයක සිරස කඩා තිබේ ද? සැතපෙන බුදු පිළිම කීයක් මුළුමනින් ම විනාශ කර තිබේද? කෞතුකාගාරයේ සංරක්ෂණය කර තිබූ අසිපත් පවා අතුරුදන් වී ඇත. ඇතැම් කොල්ලකෑම් පසුපස රටේ ප්‍රභූ ජනයා ද සිටීම එක අතෙකින් විස්මයට කාරණයකි.

මේ පනත් සංශෝධනයේ දී තවත් වැදගත් සාධකය ක් කෙරෙහි අවධානය යොමු වී ඇත. එනම්; පුරා විද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු විනාශ කිරීමට එරෙහිව මෙහෙයුම් කාර්ය මණ්ඩලයක් ස්ථාපනය කිරීම ය. දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ පොලීසිය යි. එම නිලධාරීන් අදාළ ස්ථාන පරීක්ෂා කරන්නේ ද, කොල්ලකරුවන් පසුපස හඹා යන්නේ ද පැමිණිල්ලක් ලැබුණොත් පමණි. ඒ හැරෙන්නට පොලිස් නිලධාරීන්ට පුරා විද්‍යා ක්ෂේත්‍රය ගැන ප්‍රමාණවත් දැනුමක් නොතිබෙන්නට ද පුළුවන. මේ කොයි අතින් බැලුවද පුරාවිද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කිරීමට මෙහෙයුම් ඒකකයක් තිබීම වැදගත් ය.

හිටපු ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් මහතා නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ගවේෂණය කිරීමට සැලකිය යුතු පරිශ්‍රමයක් දැරුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන දෙසිය හතළිස් ගණනක් සොයා ගැනීමට හැකි විය. ඒ සෑම ස්ථානයකටම ඓතිහාසික වටිනාකමක් තිබිණි. තවත් විශේෂයක් වන්නේ ඒවායින් බොහොමයක් විනාශ වෙමින් පැවතීම ය. එදා සිරිල් මැතිව් මහතා නම් කළ පුරාවිද්‍යා ස්ථානවල විශේෂ සංරක්ෂණයක් අදත් දකින්නට නැත. පසුව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝද දිවයින පුරාම ඇති පුරාවිද්‍යා ස්ථාන හා සෙල්ලිපි සම්බන්ධයෙන් ගවේෂණයක් කළහ. උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පොත් ගණනාවක්ද ලියා තිබේ.

පුරාවිද්‍යා සම්මන්ත්‍රණ, සාකච්ඡා, සංවාද හා හා වැඩමුළු පැවැත්වීම වැදගත් ය. ඒ මගින් ජනතාවට දැනුමක් ලබාදිය හැකි අතර යම් පෙළැඹවීමක් ද ඇති කළ හැකි ය. එහෙත් ජාතික උරුමය සංරක්ෂණය කිරීම සඳහා ඒවා පමණක් ප්‍රමාණවත් නො වේ. වඩාත් වැදගත් වන්නේ ක්‍රියාකාරී වැඩසටහනක් පවත්වාගෙන යෑම ය. ඉරානය, රුසියා ව, එංගලන්තය වැනි රටවල් පුරාවස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය සඳහා මනා සැලැසුම් සහිත වැඩසටහන් ක්‍රියාත්මක කරති. ඕස්ට්‍රේලියාව වැනි රටවල් පවා දැන් පුරාවිද්‍යාව කෙරෙහි බලවත් උනන්දුවක් දක්වයි. එක අතෙකින් එය රටේ ඓතිහාසික තත්ත්වයට වටිනාකමක් එක් කරයි. තව අතෙකින් සංචාරක කර්මාන්තයට ද හොඳ පසුබිමක් ලබා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය පුරා පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. අපේ සංස්කෘතික ත්‍රිකෝණය ක්‍රියාත්මක වන්නේ ද එහි ආධාර යටතේය. අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා මෙන් ම දේශපාලන බලවතා ද වන’ මුත් අමෙරිකානුවාට දිගුකාලීන ඓතිහාසික උරුමයක් නැත. එහෙත් නූතන අමෙරිකාව ඓතිහාසික වටිනාකම් කෙරෙහි බලවත් උනන්දුවක් දක්වයි. නිදසුනක් කිවහොත් අමෙරිකන් ප්‍රකාශන සමාගම් ඓතිහාසික නවකතා සම්බන්ධයෙන් වාර්ෂිකව ත්‍යාග ලබා දීමේ සාහිත්‍ය තරගයක් ද පවත්වයි. මෙයින් පෙනී යන්නේ ඓතිහාසිකත්වය පිළිබඳ බලවත් උනන්දුවක් බලවත් ජාතීන් අතර පවා පවතින බව ය.

ශ්‍රී ලංකාව මොන අතින් බැලුව ද ඓතිහාසික වටිනාකම් සහිත රාජ්‍යයෙකි. අපේ රට තුළ ඇති නෂ්ටාවශේෂ මෙන් ම මහා ඉදිකිරීම් ද ඊට සාක්ෂි දරනු ඇත. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් රටක් බවට පත් වී ඇත්තේ ද එම හේතුව නිසා ය. ඇතැම්විට රටේ සාමාන්‍ය ජනතාවට ඒ ගැන බරපතළ හැඟීමක් නැතිවන්නට පුළුවන. එහෙත් රටේ පාලකයන් හා ආයතන මේ ගැන උනන්දු විය යුතු ය. ඒ අනුව බලනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇති පනත් සංශෝධනය ඉතා වටී. ඒ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ජාතියේ කෘතඥතාව හිමි විය යුතු ය.

Thursday, May 23, 2019

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන ලදි.


ත්‍රිපිටකය යනු මෙලොව උපන් මනුෂ්‍යයකු ලෝකයට දායාද කළ වටිනාම උරුමයක් ලෙසයි සැලකෙන්නේ. එකී ත්‍රිපිටකයට ඉහළින් ඔසවා තැබිය හැකි කිසිදු විද්‍යාවක් මේ වනතුරුත් බිහි වී නොතිබීම විශේෂත්වයක්. ලෝකයේ අනෙකුත් විද්‍යා, දර්ශන, පරික්ෂණාගාර තුළ මතු කරගත් දෑ බව සත්‍යයකි. ත්‍රිපිටක දර්ශනය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හැම තැනකම, සෑම ජීවිතයක ම ජීවි අජීවි සෑම වස්තුවක ම ක්‍රියාකාරීත්වය ගැන සිදු කළ මහා පර්යේෂණයක ප්‍රතිඵලයක්.

වසර හතළිස් පහක් පුරා බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය හෙවත් බුද්ධ භාෂිතය අන්තර්ගතකොට සකසන ලද සාහිත්‍ය වන ත්‍රිපිටකය පසුගියදා ජාතික උරුමයක් කරන්නට රජය කටයුතු කළා.

ආනන්ද තෙරණුවන් බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් බුදුන් වහන්සේ දේශනා කළ සියලු දේශනාවල අරමුණ, දේශනා කළ තැන, දේශනා කළ සූත්‍රයේ කාර්යය ආදී සියල්ල කට පාඩමින් පවත්වාගෙන විත් තිබෙනවා. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආනන්ද රහතන් වහන්සේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය නොනසා තබා ගැනීමට රජගහ නුවරදී රහතන් වහන්සේලා විසින් ධර්මය සංගායනා කොට පවත්වාගෙන යන ලද්දේ අජාසත් රජතුමාගේ මූලිකත්වයෙන් ය.

Tuesday, May 21, 2019

සංස්කෘතික උරුමය

   ආදි මිනිසා විසින් දිවි හිමියෙන් පරපුරෙන් පරපුරට රැකගත් සියලු දේ අතීත සංස්කෘතික උරුමයක් වේ. ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි දේවල් ලෙස වර්ග කළ හැකි මේවා වසර දහස් ගණක් පැරුණි ය.  ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ට රටක් බවට පත්වීමට මෙම අතීත සංස්කෘතික උරුමයන් හේතු වී තිබේ.
වසර දහස් ගණනකට පෙර ජීවත්වූ බලංගොඩ මානවයාගේ සිට භාවිත කළ මෙවලම් , ආභරණ ආදී දේවල් ද හෙළ රජදරැවන් ඉදි කළ දාගැබ්, මහා සාගර පරදන වාරි නිර්මාණ ආදිය ද මහින්දාගමනයෙන් පසු බෞද්ධ සමාජය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රතිමා ආරාම සංකීර්ණ, සඳකඩපහණ, මුරගල වැනි අගනා නිර්මාණ රුසක් අප රට සතු ය.
ශ්‍රී ලාංකේය අභිමානය ලොවපතළ කළ විශිෂ්ටතම සංස්කෘතික උරැමය වන්නේ කාශ්‍යප රජුගේ  සීගිරියයි.
පාරම්පරික ජන සමාජයක් අපට උරැම වූ ජන සම්ප්‍රදායයන්, අභිචාරයන්, කලාශිල්පාදි අස්පර්ශිත සංස්කෘතික උරුමයන් රුසක් ද ශ්‍රී ලාංකික අප සතු ය.
එහෙත් වර්තමානයේ සිදු කරන නිදන් හෑරීම්, පුරාවස්තු විනාශ කිරීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන් ම ස්වාභාවික උරුමයන් විනාශ වෙමින් පවතී. වර්තමාන සමාජයේ පැවැත්මට හේතුවන අපේසංස්කෘතික උරුමය මුතුන් මිත්තන් ආරක්ෂා කළා සේම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම  ශ්‍රී ලාංකිකයා සතු යුතුකමකි.