කන්නෙලිය දෙදනිගල නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිත
මෙම වනාන්තරය හෙක්ටයාර 10867 පමණ විශාලය. ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ ගාල්ල නගරයට කි.මි 35ක් පමණ ඊසාන වන්නට තිබේ.
සිංහරාජ වනාන්තරයට පසු පිරිපුන් පහත රට වැසි වනාන්තරයක් ලෙස සැලකෙන්නේ මෙම වනාන්තරයයි.
මෙම වනාන්තරය 1934 දී රක්ෂිත වනාන්තරයක් ලෙස පත් කරන ලදි.2004 වර්ශයේ අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
මෙහි වාර්ශික වර්ශාපතනය මි.මි 3500-4500 අතර වේ.මාසික සාමන්‍ය උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් පමණ වේ.
මෙම වනාන්තරය පහතරට සදාහරිත තෙත් වනාන්තරයකි.දකුණු ආසියාවේ ඇති ශාක සම්පත් විශාල ප්‍රමාණයක් ඇත.මෙහි ශාක ඉහළ ප්‍රමාණයක් ඇත.
සත්ත්ව විශේෂ රාශියක් ඇති මෙම වනාන්තරයෙහි ඇති සත්ත්ව විශේෂ ගණන 220 පමණ වේ.එයින් 41ක්ම ලංකාවට ආවේණිකය.
නිල්වලා,ගිං ගංගාවන්ට ජලය සපයන්නේ මෙමෙ වනාන්තරයෙහි ඇති ජල සම්පතෙනි.මෙමෙ වනාන්තරය ආරක්ෂා කරගැනීම අපගේ යුතුකමකි.
Ela
ReplyDelete