හුරුළු අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙය පිහිටා තිබේ.අනුරාධපුර හා පොළොන්නරු ප්‍රදේශයන් දෙකෙහි ම ව්‍යාප්තව පවතින මෙම වනාන්තරය හෙක්ටයාර විසිපන්දහසක් වූ භූමි ප්‍රමාණයක ව්‍යාප්ත ව පවතී.
මෙම වනාන්තරය 1942 දී රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.1977 දී එයින් හෙක්ටයාර 512 ක භූමි ප්‍රමාණයක් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
2007 දී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙක්ටයාර 1000ක් වූ භූමි ප්‍රමාණයක් පාරිසරික උද්‍යානයක් ලෙස නම් කොට විවෘත කළේය.
මෙම රක්ෂිතය තුළ වියලි මිශ්‍ර සදා හරිත වනාන්තර පද්ධතියක් ඇත.ඉහළ තලයේ වියන් විස්තර සහ කුඩා ප්‍රමාණයේ ශාක වලින් සැදුණු උප වියන් විස්තරයක් ද පැහැදිළිව දක්නට ලැබේ.
මෙම වනාන්තරයේ ශාක අතරින් ප්‍රධාන ශාක ලෙස පළු,බුරුත, කළුවර, හල්මිල්ල, වීර, මී ,කොහොඹ, තිඹිරි, කොලොං මිල්ල,නෑබඩ යන ශාකයන් දක්නට ලැබේ.
මෙම වනාන්තරයේ විවිධ සතුන් වාසය කරන අතර මෙහි අලියා, දිවියා, වල් ඌරා, උනහපුලුවා, ඉත්තෑවා, මුවා, කබල්ලෑවා, මුගටියා, වල් බල්ලා, ආදී ක්ශීරපායින් ද,මල් කොහා, හබන්කුකුලා,වලි කුකුළා කෑරලා, ආදී පක්ෂීන් ද බෙහෙවින් දක්නට ලැබේ.
Ela
ReplyDelete