Friday, July 26, 2019

විල්පත්තුව

  විල්පත්තුව ජාතික වනෝද්‍යානය

ලංකාවේ මුලිම්ම ප්‍රකාශයට පත් කරන්න ලද වනෝද්‍යානය  ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි.1905  වර්ශයේදී ප්‍රකාශයට පත්කර ඇත.

  පුත්තලම ,අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි දෙකෙහි ම මෙම වනෝද්‍යානය ව්‍යාප්තව පවතී.

  විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 131667.1 පමණ ව්‍යාප්තව පවතී.උද්‍යානය තුල විල්ලු රැසක් පිහිටා තිබීම හේතුවෙන් මෙයට විල්පත්තුව ලෙස නම ලැබී ඇත.

  මෙම වනෝද්‍යානය විදේශිකයන්ගේ අවධානයට ලක්වෙන වනෝද්‍යානයක් ලෙස හැදින්විය හැකිය.මෙහි ශාක සම්පත් මෙන්ම සත්ත්ව සම්පත් විශාල වශයෙන් ඇත.

  වර්තමානය වනවිට මෙම වනෝද්‍යානය විනාශ කිරීමක් දැකගත හැකිය.කුමන හෝ ක්‍රියාවකට උවද මෙම වනෝද්‍යානය විනාශ කිරීමට නොදී අප උරුමයක් සේ එය රැක ගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

6 comments: