Tuesday, May 21, 2019

සංස්කෘතික උරුමය

   ආදි මිනිසා විසින් දිවි හිමියෙන් පරපුරෙන් පරපුරට රැකගත් සියලු දේ අතීත සංස්කෘතික උරුමයක් වේ. ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි දේවල් ලෙස වර්ග කළ හැකි මේවා වසර දහස් ගණක් පැරුණි ය.  ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ට රටක් බවට පත්වීමට මෙම අතීත සංස්කෘතික උරුමයන් හේතු වී තිබේ.
වසර දහස් ගණනකට පෙර ජීවත්වූ බලංගොඩ මානවයාගේ සිට භාවිත කළ මෙවලම් , ආභරණ ආදී දේවල් ද හෙළ රජදරැවන් ඉදි කළ දාගැබ්, මහා සාගර පරදන වාරි නිර්මාණ ආදිය ද මහින්දාගමනයෙන් පසු බෞද්ධ සමාජය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රතිමා ආරාම සංකීර්ණ, සඳකඩපහණ, මුරගල වැනි අගනා නිර්මාණ රුසක් අප රට සතු ය.
ශ්‍රී ලාංකේය අභිමානය ලොවපතළ කළ විශිෂ්ටතම සංස්කෘතික උරැමය වන්නේ කාශ්‍යප රජුගේ  සීගිරියයි.
පාරම්පරික ජන සමාජයක් අපට උරැම වූ ජන සම්ප්‍රදායයන්, අභිචාරයන්, කලාශිල්පාදි අස්පර්ශිත සංස්කෘතික උරුමයන් රුසක් ද ශ්‍රී ලාංකික අප සතු ය.
එහෙත් වර්තමානයේ සිදු කරන නිදන් හෑරීම්, පුරාවස්තු විනාශ කිරීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන් ම ස්වාභාවික උරුමයන් විනාශ වෙමින් පවතී. වර්තමාන සමාජයේ පැවැත්මට හේතුවන අපේසංස්කෘතික උරුමය මුතුන් මිත්තන් ආරක්ෂා කළා සේම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම  ශ්‍රී ලාංකිකයා සතු යුතුකමකි.

10 comments: